Monday, April 20, 2015

‘ඔබ රුව ඡායා සැඟවේ පායා’





සිංහල චිත්‍රපට සංගීතය, නව නාද රටා සංකලනයකින් විචිත්‍රවත් කළ නිමල් මෙන්ඩිස් සංගීතවේදියා පසුගියදා මෙලොව හැර ගියේ ය. නිමල් මෙන්ඩිස් යැයි කියූ විට සිනමා හා සංගීත ලෝලයන්ට ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ආ ගී දෙක (‘රන් ටිකිරි සිනා’, ‘ගඟ අද්දර මා’) සිහිපත් වනු වැළැක්විය නොහැකි ය. එය ඔහුගේ උපරිමය නොවූවත් එතරම් ජන ආකර්ෂණීය වූ ගී දෙකක් ඊට පෙර හෝ පසුව නිමල් මෙන්ඩිස් අතින් නිර්මාණය නොවූයේ ය.

නිමල් මෙන්ඩිස් චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ මනික් සන්ද්‍රසාග්රටය. ඒ ඔහුගේ ‘කළුදිය දහර’ චිත්‍රපටයෙනි.

එම චිත්‍රපටයට සංගීතය සපයන්ට පෙර නිමල් කලක් එංගලන්තයේ පදිංචිව සිටියේ ය. එහිදී ඔහු ‘ද කැන්ඩියන්ස්’ නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන සමාජ ශාලාවල ගී ගැයුවේ ය. මනෝ ශන්මුගම්, පර්සි ඩී. සිල්වා, මාරි මාෂල් සහ අනුර (සුප්‍රකට බෙර වාදක) එම කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වූහ. ‘ෆීල් ලයික් අ ක්ලවුන්’ ඔවුන් ගැයූ ගී අතරින් එකල අතිශය ජනප්‍රිය වූ ගීතයකි.

නිමල්ට ස්වකීය කලාත්මක දිවිය තුළ පවුල් පසුබිමක් ද තිබිණි. ඔහුගේ මව රොස්ලින් මෙන්ඩිස් පුරෝගාමී ඉංග්‍රීසි ලේඛිකාවක වූවා ය.

‘කළුදිය දහර’ චිත්‍රපටයෙන් අනතුරුව මනික් සන්ද්‍රසාග්රගේ ම ‘සීතාදේවි’, (තේමා සංගීතය පමණි) ‘රැම්පේජ්’, ‘කොළඹ සන්නිය’ යන චිත්‍රපටවලට ද, ඔහු නිෂ්පාදන අංශයෙන් දායක වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ද ගෝඩ් කිං’ චිත්‍රපටයට ද ඔහු සංගීතය සැපයුවේ ය. (‘ද ගෝඩ් කිං’ හි සංගීත සංයෝජනය හා අධ්‍යක්ෂණය ලැරී ඇෂ්මොර් ගෙනි) ‘කළුදිය දහර’ චිත්‍රපටයට ඇතුළත් නෙවිල් ප්‍රනාන්දු ගයන ‘මාස්ටර් සර්’ ගීතය නිමල් වෙතින් එදා මෙදාතුර බිහිවූ අග්‍රගණ්‍ය ගීතයක් ‍ලෙස අපේ ඇගයීමට පාත්‍ර වෙයි.

එසේ ම ‘සීතාදේවි’ (මෙය ‘රිඉන්කානේෂන්’ නමින් තැනුණු සිනමා පටයේ සිංහලයා දෙබස් කැවීමකි) චිත්‍රපටයට යොදා ගැනුණු ආචාර්ය පණ්ඩිත් අමරදේව ගයන නිම් හිම් සෙව්වා මා සසරේ’ තවත් එබඳුම ගී නිර්මාණයකි. එය අප තුළ තියුණු රසෝද්දීපනයක් ඇති කරවන සුලු ය. ඉන් වචනයට නැඟිය නොහැකි ‍ෙමාකද්දෝ ශෝකාකූල රමණීයත්වයක් ද අපට දැනේ.

නිමල් පොදු ජන රසිකයන් වෙතට ගියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස්ගේ චිත්‍රපට වෙතිනි. ලෙස්ටර්ගේ ‘අහසින් පොළොවට’ චිත්‍රපටයේ සංගීත රචනය චිත්‍රපටයේ තේමාව වඩාත් තීව්‍ර කරවන්නක් වූයේ ය. ඊට ඇතුළත් මිල්ටන් මල්ලවආරච්චි ගයන ‘උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා’ ගීතය සහෘද සිත් ආලෝලනය කළා වූ රම්‍යතර ගීතයකි.

සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ‘රන් ටිකිරි සිනා’, ‘ගඟ අද්දර මා’ යන ගීත දෙක එම චිත්‍රපටය බැලූ, නොබැලූ බොහෝ දෙනා අදත් අතිශයින් ම ප්‍රිය කරන්නා වූ ගීත ද්විත්වයකි. නිමල් මෙන්ඩිස් යන නාමය සමඟ ඒ ගී දෙක ඓන්ද්‍රීයව බැඳී පවතී. ඒ, එහි තිබූ අප‍ූර්ව ශ්‍රැතිරම්‍ය ගුණය නිසා ය. සුමිත්‍රාගේ ම ‘ගැහැනු ළමයි’, ‘යහළු යෙහෙළි’, ‘දුවට මවක මිස’ යන චිත්‍රපටවලදී ද නිමල් සංගීතය සැපයුවේ ය. ඔහු අවසන් වතාවට සංගීත අධ්‍යක්ෂණය කළේ ද සුමිත්‍රාගේ ම ‘වෙෂ්ණාවි’ චිත්‍රපටයට විය යුතු ය.

‘ගඟ අද්දර’ ගීතවල ජනප්‍රියත්වයත් සමඟ ම නිමල් ‘රන් ටිකිරි සිනා’ නමින් කැසට් පටයක් අසූ ගණන්වලදීම නිෂ්පාදනය කළේ ය. ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ගීත හැරුණු කොට ටී.ඇම්. ජයරත්න ගැයූ ‘උපන් බිමෙන් පිට වූයේ’ (පද - ගාමිණී විජේතුංග) ‘කල්පනා‍වෝ පාව යයි මේ නිශාන්තයේ’ ( පද - ඔගස්ටස් විනායගරත්නම්) වැනි ගීතය ඊට ඇතුළත් වුණා මට මතකය.

නිමල් පසුගිය අවදියේ (2005) සුනාමි ගීතයක් ද නිර්මාණය කළේ ය.

බටහිර ‍සංගීතයෙන් ලද අනුප්‍රාණය නිසාදෝ නිමල් මෙන්ඩිස් ගේ තමන්ටම ආවේණිකවූ නාද රටා අපූර්ව විචිත්‍රත්වයක් ගත්තේ ය. කෙසේ වෙතත් ඔහු සංගීතය පෙර අපර දෙදිග වශයෙන් පටු වර්ගීකරණයකට ලක් කළේ ද නැත. අවස්ථාවෝචිත අයුරින් ඔහු ‘සිතාරය’ ප්‍රමුඛ වෙනත් පෙරදිග තූර්ය භාණ්ඩ ද ඉතා ම නිර්මාණශීලී ව යොදා ගත්තේ ය. ඔහුගේ සංගීත ඛණ්ඩයක් ඇසෙද්දී මේ නම් නිමල් මෙන්ඩිස්ගේ සංගීත රචනයක් විය යුතුය යනුවෙන් සිතෙන තරමට අනන්‍ය වූ ලක්ෂණ ඔහුගේ නිර්මාණ වෙතින් දක්නට ලැබුණේ ය. ඔහු දක්ෂ පියානෝ වාදකයෙක් ද වූයේ ය.

සම්මාන කීපයකින් පිදුම් ලැබුව ද නිමල් මෙන්ඩිස් ගේ සංගීතය ඔහු මිය යන තෙක් ම නිසි විචාරක විවරණයකට ලක් වූවා යැයි කිව නොහැකි ය. ඒ, සංගීත විචාර සම්ප්‍රදායක් අපට නොමැතිවීමේ අනිටු ඵල වශයෙනි. ඉන් සිදු වූයේ ඔහුගේ විපුල ප්‍රතිභාව හා සුවිශද නිර්මාණ ශක්තිය ප්‍රමාණිකත්වයකට පත් නොකිරීමයි.

එංගලන්තයේ කාලයක් ජීවත්වෙමින් සිටිය ද මෙරටේ ඉංග්‍රිසි කතා කරන සමාජයේ ගැවසුණ ද බටහිර නිස්සාර සිරිත් විරිත් පිටු දුටු නිමල් කලක් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කළේ ය. ‍ඔහු කලිසම් ඇඳ තණකොළ කැපීම එකල ගම්මුන්ගේ හාස්‍යයටද හේතු ව‍ූයේ ය. දෙනෝ දාහක් අතර වුව ඔහු සිටියේ හුදෙකලා මානසිකත්වයකිනි. ඔහු දුටු විට මේ නිමල් මෙන්ඩිස් යැයි කෙනකුට සිතා ගන්ටවත් නොහැකි තරම් විය. ඒ තරම් ම ඔහු සරල මිනිසෙක් ද වූයේ ය. ඔහු තුළ තිබුණේ ද කුලුණුබර හදවතකි. බොහෝ විට ඔහු කුඩා දරුවකු මෙනි. මඳ කලක් ඔහු ඇසුරු කළ මම එය මැනවින් දනිමි.

නිමල් මෙන්ඩිස් සංගීතවත් කළ ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ආ ගීතයක් මේ දිනවල නිතර නිතර ගුවනින් ඇසී නෑසී යයි.

‘ඔබ රුව ඡායා සැඟවේ පායා’

මෙම ගීතය සදාකල් අප භාවානුස්මෘතියෙහි රැඳී පවතිනු නිසැකය.




01.රන් ටිකිරි  සිනා

රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ලංවී අත් අල්ලා ගෙන
ඇස් දැල්වූවා....//

දෑතේ බැඳිලා
ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං නැගලා
ලස්සන හොයලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා.....//

බාලේ ගෙවලා
කාලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දඟ කර සිටලා
ගංතෙර හැරලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා.....//

ගී පද : ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය : නිමල් මැන්ඩිස්
ගායනය : ටී.ඇම්.ජයරත්න

02.මාස්ටර් සර් 

පනම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ

මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ 

අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ 

එදා දවස උදාවේදෝ...///


ගී පද : කරුණාරත්න අබේසේකර
තනු : නිමල් මෙන්ඩිස්
ගායනය : නෙවිල් ප්‍රනාන්දු

03.ගඟ අද්දර මා

ගඟ අද්දර මා සිහිල් සෙනෙහ සැනසී 
හද සන්තක විය අනුහස් ආසිරි ගී 
ඔබ හමුවේ මා මුව ගොළු වුවා 
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ 
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ 
පිබිදුනි ආශා ගිනිසිළු සේමා

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම පවසා නිවා 
සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම් 
ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා 
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ 
මනපුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ 
මා හඳ රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි නුබ නාඩන් කිසි දවසේ 
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ 
ඔබ රුව චායා සැඟවේ පායා

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම පවසා නිවා 
සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම් 
ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා 
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ඔබ රුව චායා සැඟවේ පායා ................................//

ගී පද : ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය : නිමල් මැන්ඩිස්
ගායනය : විජය කුමාරතුංග

04.නිම් හිම් සෙව්වා

නිම් හිම් සෙව්වා නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළය ගිම් සනහා අපමයි තැවුණේ
ජන්මෙන් ජන්මේ රැව්දීලා
ඔබ මා නෙතගේ රැඳුණා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

ඉර හඳ සේ මා පැතුමන්
පැතුවා සැනසුම් සයුරේ
සුසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන් වී වරින් වරේ
ඔබ මා රන් හුයකිනි බැඳුණේ

ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ගී පද : ඔගස්ටස් විනයාගරත්නම්
තනුව : නිමල් මෙන්ඩිස්

05.උපුල් නුවන් විදහා

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා නම මෝනාලිසා

හද පාරණ මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු උවනයි නිසල කළේ මා හද ජාලා

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා නම මෝනාලිසා

හද පාරණ මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
ගී පද : ඔගස්ටස් විනයාගරත්නම්
තනුව හා සංගීතය : නිමල් මෙන්ඩිස්

06.ගැහැනු ළමයිනේ

ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ
ඉගිලී යන්නද හිතා බලන්නේ
ගැහැනු ළමයිනේ අවට අලංකාරයිනේ
සිහිනෙන් දුටු දේ විසිරී යයි...
ගැහැණු ළමයි මවු අත් හැරදා
ගමෙන් පිටත් වී යන්න හිතා
බබළන විසිතුරු නගරේ සිතේ ඇඳී
කොතරම් ලස්සන දේ ඇතුවත්
ඒ තුළ රැඳෙනා සුළු මොහොතක්
නොපෙනී ඇතිවෙන කරදර මතු වී
නිවස සොයා නැවතත් අඬ අඬ ඒ
අඬ අඬ ඒ.....
ගැහැනු ළමයිනේ......

සංගීත නිර්මාණය : නිමල් මෙන්ඩිස්
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද : පියසේන කොස්තා

07.දවසක් දා රෑ 

දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ
සවන් පෙළූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ හිත රැදුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ
කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳිලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ කවුදෝ දන්නේ

ගායනය : නීලා වික්‍රමසිංහ
ගී පද : ගාමිණී විජේතුංග
තනුව හා සංගීතය : නිමල් මෙන්ඩිස්

08.උපන් බිමෙන් පිට වූයේ

උපන් බිමෙන් පිට වූයේ
නුහුරු රටේ තනි වූයේ
පුංචි පුතේ පුංචි දුවේ
නුඹ හින්දයි වෙහෙසෙන්නේ

හැමදා රෑ සිහින වැලේ
නුඹ එනවා හිතට මගේ
මා හෙලනා ඩා බිංදූ
මසුරං වේ නුඹ හින්දා

ගී පද : ගාමිණී විජේතුංග
තනුව හා සංගීතය : නිමල් මෙන්ඩිස්
ගායනය : ටී.ඇම්.ජයරත්න

09.කල්පනාවෝ පාව යයි

කල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ
නිල් වළාවේ යාවී ඈ සොයා
සඳක් සේ නිම් වළල්ලේ නොසැංගී
නැළැවෙමු ගයා ගීතිකා

ලියන්නේ කෙසේ දෝ වදන් නෑ
කියම්දෝ කෙසේ ආදරේ
බිඟුන් සේ මත් වී මලේ රොන් උරා බී
සැනහෙමු නිවා වේදනා

ගෙන එන්නම් ආදරේ පැතු ජීවිතේ
මධු මීවිතේ උතුරා යනා
නේක මල් සුවඳින් පිරේ දිවි මාවතේ
තනි වේ නම් සාගරේ රැළි සේ
සිතුම් මැද ආදරේ මේ මියුරු ගී
රාව නැංවේවා සදා කාලේ

ලියන්නේ කෙසේ දෝ වදන් නෑ
කියම්දෝ කෙසේ ආදරේ
බිඟුන් සේ මත් වී මලේ රොන් උරා බී
සැනහෙමු නිවා වේදනා

ගී පද : ඔගස්ටස් විනායගරත්නම්
ස්වර : නිමල් මෙන්ඩිස්
හඬ : ටී. එම්. ජයරත්න


සින්දු ඔක්කොම මෙතැනින් ගන්න

--------------------------------------------------------------

මෙරට සංගීතයට නව මානයක් එක් කළ අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතඥ නිමල් මෙන්ඩිස් මහතා‍ට උපහාරයක් වේවා !!!!!!

(වැරදි අඩුපාඩු තියනවානම් පෙන්නා දෙන්න)

32 comments:

  1. මම බලාගෙන හිටියේ උඹේ එක එනකම්... මේ උපුටා ගැනීම් වලට වඩා හොඳයි උඹ දන්න දෙයක් කෙටියෙන් හෝ ලිව්වා නම්.. මොකෝ මේ පෝස්ට් එකෙ මෙළෝ දායකත්වයක් උඹෙන් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මාතේ ..මේ දවස් වල නන්නත්තාරවෙලා ඉන්නේ .බෝගක් බලන්නවත් වෙලාවක් නැ .මගේ ප්‍රියතම කලාකරුවෙක් මෙතුමා .ඉතින් වෙලාවේ විදිහට මේ දේ කළා ...ස්තුතියි මාතේ අය්යේ උඹේ කෙලින් කතාවට .

      Delete
  2. අැත්තට ම මේ සින්දු ටික ඒකතු කරපු දෙයක් ලියන මිනිහා උඹ කියලා දන්නවා.. නියමයි සින්දුවා... මෙතනින් දැනගත්ත ඒතුමාගේ සින්දු කීපයක් ම තියෙනවා... උඹ ඒ අඩුව පිරෙව්වා.. ජයවේවා

    ReplyDelete
  3. මේ ලින්ක් එකත් දාන්නම් - නිමල් මෙන්ඩිස් සමග කළ සාකච්ඡාවක්.
    http://www.silumina.lk/2009/11/01/_art.asp?fn=av09110115

    ReplyDelete
  4. අවසාන එක හැර අනෙක් සේරම අසා හොඳින් රස විඳලා තිබුණු ගීත. මේ මාතෘකාව උඹ නොගත්තානම් තමා පුදුමෙ. ලස්සන වචන සෙට් එකකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ මේ සින්දු ටික හොඳටම මදි .තව සින්දු ටිකක් එකතු කරන්න වුවමනාව තිබුනත් මට මේ දවස් වල වෙලාවක් නැති වෙලා බන් .....

      Delete
  5. උපන් බිමෙන් පිට වූයේ
    නුහුරු රටේ තනි වූයේ.......

    ලස්සනයි....නේද..? අයෙත් මෙහෙම කලාකරුවන් බිහි වෙන්නෙ නැ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසාද් ....හොද මිනිස්සු ඉක්මනින් යනවා ..

      Delete
  6. හොඳ විස්තරයක් සිංදු ඇනෝ

    ReplyDelete
  7. ගොඩක් ස්තූතියි සින්දු ඇනෝ..
    මේ පොස්ට් එක මම ඔයාගෙන් බලාපොරෝත්තුවෙන් හිටියේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි තුෂානි ...එත් ඔයාලට මේ පාර සින්දු කීපයයි දෙන්න පුළුවන් උනේ .ඒ ගැන සමාව භාජනයකට දමත්වා ...

      Delete
  8. මේ වගේ වටිනා පුද්ගලයෙක් ගැන ලිපියක් උපුටා දැමීම වෙනුවෙන් සිංදුවාට තුති.

    අන්තිම සිංදුව නම් අහල නෑ. ආයෙ මේ වගේ වැඩ කරුවන් කාලෙකට බිහි වෙන එකක් නැහැ. එතකන් බහුතරයක් වූ සොකඩ කම්පියුටර් සංගීත කාරයන්ගෙ මෙලෝ රහක් නැති ගෝෂා වලට අකමැත්තෙන් හරි කන් දීගෙන ඉමු.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. //බහුතරයක් වූ සොකඩ කම්පියුටර් සංගීත කාරයන්ගෙ මෙලෝ රහක් නැති ගෝෂා වලට අකමැත්තෙන් හරි කන් දීගෙන ඉමු.//
      අනේ මචෝ කන් නොදී හිටියොත් මුන් බලෙන් අපේ කන් වලට ඒවා ඔබනවා .මොනා කරන්නද .වටිනා කියන මිනිස්සු අපිව දාලා යනකොට .ස්තුතියි මනා අදහස් වලට

      Delete
  9. සුන්දරත්වය ඉතිරි කර සොඳුරු මිනිසුන් ලොවෙන් සමුගෙන යන අරුමය...

    ReplyDelete
    Replies
    1. //සුන්දරත්වය ඉතිරි කර සොඳුරු මිනිසුන් ලොවෙන් සමුගෙන යන අරුමය.//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++
      වෙන මොනවා කියන්නද මනොෂ් ..බොහොමත්ම ස්තුතියි ..

      Delete
  10. ආඩම්බරයි.
    අපේ එකෙක්
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙන්ඩෝ ....
      බ්‍රෑන්ඩ් එක ගල් (බ්‍රෑන්ඩ් එක ගැසුවා මේ පාර හිතේ හැටියට.මදි පාඩුවට කිතුල් රා ) හැක් හැක්

      Delete
  11. මෙතුමාව අඳුනාගත්තේ මේ පොස්ටුවෙන්.. එතුමාට නිවන් සුව.. උඹට ජය...

    ReplyDelete
    Replies
    1. තෝව කොටියා කිස් කරන්න එපැයි යකෝ මෙතුමා ගැන දන්නේ නැ කිව්වාම ...හැක් හැක්
      ස්තුතියි මචෝ ..

      Delete
  12. http://nelumyaya.com/?p=1859

    අලුත් යාය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අය්යේ ..

      Delete
  13. //මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
    මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ//
    නෙවිල් ප්‍රනාන්දු කියපු මාස්ටර් සර් ගීතය පහු කාලෙක නීල වික්‍රමසිංහ කියන්න ගත්තේ කොහොමද බං..
    නිමල් මෙන්ඩිස් හා ඔගස්ටස් විනයාගරත්නම් කියන්නේ අමරදේව/ මහගම සේකර ට නොදෙවෙනි සුසංයෝගයක්.. අවාසනාවට දෙන්නම ජීවතුන් අතර ඉද්දි බැබළුනේ නෑ.. ඔහුට සුභ ගමන්.. පුළුවන්නම් ආපහු එන්න අපි මැරෙන්න කලින්.

    ReplyDelete
    Replies
    1. //නිමල් මෙන්ඩිස් හා ඔගස්ටස් විනයාගරත්නම් කියන්නේ අමරදේව/ මහගම සේකර ට නොදෙවෙනි සුසංයෝගයක්..// +++++++++++++++++++++++++++++++++
      මචෝ අනුන්ගේ ගීත ගැයීමේ ඉතිහාසය ගැන අපේ ජිවන අය්යා මෙන්න ලියලා තියනවා

      Delete
  14. අමරදේවයන්ගෙ ගීතයේ තනුවට ඒ ගිතයට සමාන බටහිර ගීතයක ආභාෂය ලබාගත් බවට කථාවක් මම එක්තර ලිපියය කියෙව්වා මතකයි. නමුත් වැඩි විස්තර මා සතුව නෑ. නිම්හිම් සෙව්වා සහ මාස්ටර් සර් තමයි මම එතුමාගේ ගීත වලින් කැමතිම ඒවා... නිවන් සුව පතනවා..

    ReplyDelete
    Replies
    1. විස්තර ටික හොයලා දාමු සිරෝ ...
      මේ දවස් වල මට බෝගක් බලන්නවත් වෙලාවක් නැ මචෝ .උණ වැඩිකමට මෙහෙම හරි ඔලුව දාන්නේ ...ස්තුතියි සිරෝ ..

      Delete
    2. හැකි වෙලාවක රවුමක් දාහං මිත්‍රයා...නාවා කියා අමනාපයක් නැත

      Delete
  15. kadima wedak + suba pAthum (Y)

    ReplyDelete
  16. දැනුවත් කිරීම හරි වටිනවා පුවත්පතක පළවිය යුතු ලිපියක්
    ජයවේ සින්දු!

    ReplyDelete